ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීම මත කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයෙන් ඉන්ධන පිරවූ බවුසර් කිහිපයක් පර්යන්තයෙන් පිටතට පැමිණ තිබේ. කෙසේ වෙතත් ඛණිජ තෙල් වෘත්තීය සමිති නියොජිතයන් හා අමාත්‍යවරයා අතර තවමත් සාකච්ඡා පැවැත්වෙන බව වාර්තාවෙයි.
ගුවන් හමුදාවට ඉන්ධන ලබාගැනීමට පැමිණි ඉන්ධන කෝච්චියක් පර්යන්තයට ඇතුළු කිරීම වෘත්තීය සමිති නියෝජිතයන් විසින් වළක්වාලීය. මේ අතර ඛණිජ තෙල් සංස්ථා සේවකයන් විසින් දෙමටගොඩ - කොලොන්නාව මාර්ගය අවහිර කර ඇත.