කොලොන්නාව හා මුතුරාජවෙල තෙල් ටැංකි සංකීර්ණයට හමුදාව, පොලීසිය කඩා වැදීම පිළිබඳව අධිකරණ ක්රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති සඳහන් කරයි.
වෘත්තිය සමිති ක්රියාමාර්ගයක් දියත් වන අවස්ථාවේදී ඒ පිළිබඳව සාකච්ඡා නොකර එය කඩාකප්පල් කිරීම මෙරට කම්කරු නීතිරීතිවලට අනුව නොහැකි බවද ඛනිජ තෙල් පොදු සේවක සංගමය සඳහන් කරයි.
මේ පිළිබඳව වත්තල පොලීසියට පැමිණිලි කර ඉදිරි නීතිමය ක්රියාමාර්ග ගන්නා බවද එම සංගමයේ සභාපති අශෝක රන්වල මහතා සඳහන් කළේය.
මීට අමතරව ඛනිජ තෙල් සේවක වෘත්තීය ක්රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බවද ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.