තෙල් අර්බුදය සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අද (08දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
එසේම තත්ත්වය පාලනය සඳහා රජය හැකි සෑම පියවරක්ම ගන්නා බවත්, අද සන්ධ්‍යාවේදී මේ තෙල් අර්බුදය සම්බන්ධයෙන් අලුත්ම ප්‍රවෘත්තියක් දැනගන්නට ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.