තිස්සමහාරාමය හා ඒ ආසන්න ප්‍රදේශ කිහිපයකට අද (17දා) උදෑසන සුළු භූ චලනයක් අැතිවූ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි. පල්ලෙකැලේ සහ හක්මන පිහිටි සිය මධ්‍යස්ථානවල එම භූ චලනය සටහන්ව ඇති බවත් එය රිච්ටර් මාපකයේ ඒකක දෙකකට අඩු අගයක භූ චලනයක් බවත් එම ආයතනය සඳහන් කරයි.