එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්රීවරයකු ලෙස නම් කර ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා අලුතින් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට තීරණය කර තිබේ.
එක්සත් පුරවැසි පෙරමුණ නමින් පිහිටුවන මෙම පක්ෂයට %පුන්කලස^ ලකුණ ලබාගැනීමට හෙතෙම බලාපොරොත්තු වේ. පක්ෂය හෙට (22දා) දිනයේදී එළිදක්වනු ඇතැයි සඳහන් වෙයි. තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයාද වෙයි.