ශ්‍රී කණ්ඩායමේ එළඹෙන අයර්ලන්ත හා එංගලන්ත සංචාරයන් සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය දන්වන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා ක්රීඩයන්වෙත දන්වා තිබෙන බව ඉන්දියාවේ පී.ටී.අයි. පුවත් සේවය උපුටා දක්වමන් ද හින්දු පුවත්සේවය වාර්තා කළේය.
දැනට ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට ක්‍රීඩා කරන ලසිත් මාලිංගට හා තිසර පෙරේරාට අවශ්‍යනම් එංගලන්ත තරගාවලියට සම්බන්ධ නොවී අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමට නිදහස ලබාදෙන බවත් ජයසූරිය සඳහන් කර තිබේ.
එසේම අයර්ලන්තයත් සමග පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා මාලිංග, සංගක්කාර හා මහේල සලකා නොබලන බවත් ජයසූරිය පවසා ඇත.