තැපැල් මගින් ශ්‍රී ලංකාවට එවා තිබූ කන්සා මල් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1358 ක්, හෂීස් ග්‍රෑම් 84ක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ස්පාඤ්ඤයේ සිට තැපැල් මගින් මෙම මත්ද්‍රව්‍ය එවා තිබෙන අතර, මධ්‍යම තැපැල් හුවමාරුවේ රේගු නිලධාරීන් සිදුකළ පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත.
රාත්‍රී සමාජ ශාලාවල මෙම මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් භාවිත වන බවද රේගු නිලධාරීහු සඳහන් කරති. මෙහිදී කන්සා මල් ග්‍රෑම් එකක් ලංකාව තුළ අලෙවිවන්නේ රුපියල් 6000 – 8000ත් අතර මුදලකටය. හෂීස් ග්‍රෑම් 01ක් අලෙවි වන්නේ රුපියල් 18000 - 20000 අතර මුදලකටය.