පසුගිය දෙදින තුළ තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලුම තැපැල් ඡන්ද දායකයන්ට මේ මස 30 වැනිදා උදේ 8.30 සිට සවස 4.00 දක්වා දිස්ත්රික් සහකාර මැතිවරණ කාර්යාල තුළදී ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
ඊයේ (24දා) සහ පෙරේදා (23දා) දෙදින තුළ පැවැති තැපැල් ඡන්ද විමසීම ඉතාමත් සාමකාමීව සිදුවූ බවත්, එහිදී තැපැල් ඡන්ද දායකයන්ගෙන් විශාල පිරිසක් ඡන්දය භාවිත කර තිබෙන බවට වාර්තාවන බවත් අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා සඳහන් කළේය.
තැපැල් ඡන්ද විමසීමට අදාළව මේ මස 26 වැනිදා පොලිස් නිලධාරීන්ගේ තැපැල් ඡන්දය භාවිත කිරීමේ දිනය ලෙස වෙන්කර තිබෙන බවත්, එහෙත් එදිනට වෙනත් රාජ්ය සේවකයන්ට ඡන්දය භාවිත කළ නොහැකි බවද ඔහු පවසා සිටියේය.
පොදුවේ ගත් කල තැපැල් ඡන්ද විමසීම සිදුවූ දින දෙක තුළ තැපැල් ඡන්ද විමසීමට බාධාවන ආකාරයේ කිසිදු සිදුවීමක් වාර්තානොවූ බව කැෆේ සංවිධානය සඳහන් කරයි.
සමස්තයක් ලෙස තැපැල් ඡන්ද විමසීම සිදුකළ දින දෙක තුළ සාමකාමීව ඡන්ද විමසීම සිදුවූ බව තැපැල් සංවිධානය සඳහන් කළේය.
එහෙත් ඡන්ද විමසීම පැවැති දින දෙක තුළ මැතිවරණ ප්රචණ්ඩ ක්රියා සිදුවූ බවත්, එහෙත් එම කටයුතුවලින් තැපැල් ඡන්ද භාවිතයට කිසිදු බාධාවක් සිදුනොවූ බවත් එම සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.