තැපැල් ඡන්ද විමසීමට අදාළව ඡන්දය පැවැත්වූ පළමු දිනය තුළ කිසිදු නීතිවිරෝධී සිද්ධියක් වාර්තා නොවූ බවත්, මේ නිසා ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු ඊයේ (23දා) සාමකාමීව පැවැත්වූ බවත් මැතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
තැපැල් ඡන්ද විමසීමේ දෙවැනි දිනය ලෙස අද (24දා) උදේ 8.30 සිට සවස 4.15 දක්වා ඡන්ද විමසීම සිදුවන බව අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස මහතා සඳහන් කළේය.
තැපැල් ඡන්ද විමසීමට අදාළව ඊයේ (23දා) දිනය තුළ පැමිණිලි දෙකක් පොලීසියට ලැබී තිබෙන බවත්, එම පැමිණිලි දෙක පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඊයේ දිනයේදී පැවැති ඡන්ද විමසීම් කාලය තුළදී ඡන්ද විමසීමට අදාළව කිසිදු ප්රචණ්ඩත්වයක් වාර්තා නොවූ බවත්, මේ නිසා ඊයේ දිනය තුළ තැපැල් ඡන්ද විමසීම සාමකාමීව සිදුවූ බවත් කැෆේ සංවිධානය සඳහන් කළේය.
තැපැල් ඡන්ද විමසීමේ කටයුතු සාමකාමීව පැවැත්වුණු බවත්, එහෙත් තම සංවිධානයට ත්‍රිකුණාමලය ගෝමරංකඩවල ප්‍ර‘දේශයෙන් ගැටුම්කාරී සිද්ධියක් වාර්තා වූ බවත් ෆැපරල් සංවිධානය සඳහන් කරයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් 55,000 ඉදිරිපත් කළ තැපැල් ඡන්ද අයදුම්පත්වලින් අයදුම්පත් 12,000 ක් ප්‍රතික්ෂේප වී තිබුණත්, ඒ පිළිබඳව ඡන්ද දායකයා දැනුවත් නොකිරීම නිසා තැපැල් ඡන්ද දායකයන් විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්වූ බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙලෙස තැපැල් ඡන්ද ඉල්ලුම්කරුවන්ගේ ඡන්දය ප්‍රතික්ෂේපවීමට බලපෑ හේතුව ලෙස මැතිවරණ කාර්යාලය සැපයූ දත්ත නිවැරදි ඒවා නොවන බවට පැහැදිලි වී තිබෙන බවත්, මේ නිසා රාජ්‍ය සේවකයන් අපහසුතාවට පත්වීමේ වගකීම මැතිවරණ දෙපාර්තමේන්තුව භාරගත යුතු බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව මෙවර තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා 5,541,422 ක් සුදුසුකම් ලබා තිබෙන බවට ඊයේ (23දා) %අද^ පුවත්පතේ සඳහන් වූයේ ප්‍රමාද දෝෂයකිනි. එම තැපැල් ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 541,831 ක් ලෙස නිවැරදි විය යුතුය.