තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම හෙට (14දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
හෙට දිනෙන් පසු අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත අතින් හෝ තැපැල් මගින් ලැබෙන ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බවත් මැතිවරණ කොමසාරිස් වරයා සඳහන් කළේය.
මේ දක්වා තැපැල් ඡන්ද අයදුම් පත්‍රය තැපෑලට භාරදීමට නොහැකි වී සිටින සියලුම දෙනා අයදුම්පත තැපෑලට භාරදීම වෙනුවට එය තේරීම්භාර නිලධාරී කාර්යාලවල ලිපින අනුව වෙන්කරන ලද අයදුම්පත් කට්ටලවල ළඟම පිහිටි දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාලවලට භාරදෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටී.
කිසිදු හේතුවක් මත මෙම දිනය දීර්ඝ කිරීමක් සිදුනොකරන බවත්, ප්‍රමාද වී ලැබෙන සියලුම අයදුම්පත් ප්‍රමාද අයදුම්පත් වශයෙන් සලකා ප්‍රතික්ෂේප කරන බවත් මැතිවරණ කොමසාරිස්වරයා පවසා සිටියි.