තලේබාන් සංවිධානයේ නායක මුල්ලාහ් මුහම්මද් ඕමාර් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, එම මරණය මීට වසර දෙක තුනකට පෙරදී සිදුව ඇති බවත් ඇෆ්ගන් බලධාරීන් තහවුරු කරයි.
කෙසේ වෙතත්, තලේබාන් ත්‍රස්ත සංවිධානය මෙය තහවුරු කර නොමැති අතර, ඇෆ්ගනිස්ථාන රජය සහ බුද්ධි අංශද මේ සම්බන්ධයෙන් තහවුරු කිරීමක් කළත්, එහි වැඩිදුර තොරතුරු ලබාදීමක් සිදුකර නොමැති බවද විදෙස් වාර්තා පවසයි.
මුල්ලාහ් ඕමාර්ගේ මරණය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම විවිධ වාර්තා කරළියට පැමිණියේය. කෙසේ වෙතත්, මෙය ඔහුගේ මරණය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථානයේ රජය හා බුද්ධි අංශය එකහෙළාම තහවුරු කරන ප්‍රථම අවස්ථාව වී තිබේ.
අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සහ තලේබාන් නායක මුල්ලාහ් ඕමාර් සුසංයෝගය 2001 වසරේදී ඇමෙරිකානු ආක්‍රමණයක් දක්වා ව්‍යාප්ත වූයේ 9/11 ප්‍රහාරයෙන් පසුවය.
මෙම ආක්‍රමණයෙන් පසු මුල්ලාහ් ඕමාර් අතුරුදන් වූ අතර, ඔහුගේ හිසට ඇ.ඩො.මිලියන 10ක ත්‍යාගයක් ලබාදෙන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපර්තමේන්තුව එකල ප්‍රකාශයට පත් කළේය.
පසුගියදා ඔහුගේ නිවේදනයක් යනුවෙන් තාලේබාන් වෙබ් අඩවියේ ප්‍රකාශයක් පැවතියත්, එය රූපමය හෝ හඬ පටයක් ලෙස ඉදිරිපත් කිරීමට තලේබාන් සංවිධානය අපොහොසත් වී තිබුණි. ඒ අනුව, මුල්ලාහ් ඕමාර් ජීවතුන් අතර සිටින්නේද නැද්ද යන්න තහවුරු කිරීමට තලේබාන් සංවිධානයට නොහැකි වීම තුළ එම සංවිධානයේ ප්‍රධානීන් කිහිප දෙනෙකුම IS ඉස්ලාමීය රාජ්‍ය අන්තවාදීන් සමග එක් වූහ.