ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය සපයන පෞද්ගලික තාප විදුලි බලාගාර තුනක ගිවිසුම් දීර්ඝ නොකර මේ වසර ඇතුළතදී වසා දැමීමට තීරණයක් ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (14දා) ප්‍රකාශ කළේය.
ඒ අනුව මෙගාවොට් 20ක විදුලි ධාරිතාවක් සැපයූ මාතර ඒ.එස්, මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් සැපයූ ඇඹිලිපිටිය ඒ.එස් සහ මෙගාවොට් 100ක විදුලියක් සැපයූ පුත්තලම හෙලදනව් තාප විදුලි බලාගාර තුන මෙසේ වසා දමන බව ඇමතිවරයා සඳහන් කළේය.
රජය සමග එළඹි ගිවිසුම් හේතුවෙන් කැලණිතිස්ස තාප විදුලි බලාගාරය පමණක් ඉදිරියට පවත්වාගෙන යාමට තීරණයක් ගෙන ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය සැපයුවත් නැතත් වසාදැමීමට නියමිත තාප විදුලි බලාගාර තුන සඳහා රජය රුපියල් මිලියන 3000 – 3500 අතර මුදලක් දැරූ බවත්, අමාත්‍යවරයා ගත් තීරණය හේතුවෙන් එම මුදල් ඉතිරිවන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.