දෙහිවල මුහදීන් ජුම්මා පල්ලියේ සුසාන භූමියේ මිහිදන් කර ඇති රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර විශේෂ පොලිස් ආරක්ෂාවක් මධ්‍ය‘යේ අද (10දා) පෙ.ව 7.00 ට පමණ ගොඩ ගැනීමට නියමිතය.
මෘත ශරීරය ගොඩගැනීමෙන් අනතුරුව වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පරීක්ෂාවට ලක්කර අධිකරණයට වාර්තාවක් නිකුත් කිරීමට නියමිත අතර, මෙම අවස්ථාවට මුස්ලිම් පල්ලියේ පාලන මණ්ඩලයේ සභාපතිවරයා, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා, දෙහිවල ග්‍රාම නිලධාරිවරයා සහ පොලිස් නිලධාරීහු සහභාගී වෙති. සිරුර මිහින්දන් කර ඇති ස්ථානයට අධිකරණයේ නියෝගය පරිදි මීට පෙර විශේෂ පොලිස් ආරක්ෂාවක් සපයා තිබුණි.
නාරාහේන්පිට පාර්ක් විදීය අසලදී 2012 වසරේ මැයි 17 වැනිදා හදිසි අනතුරකින් මෙම රගර් ක්‍රීඩකයා මියගිය බවට එකල සඳහන් වුවද, පසුගිය පෙබරවාරි 16 වැනිදා නව රජය ආරම්භ කළ විශේෂ පොලිස් පරීක්ෂණයකින් අනාවරණය වී තිබුණේ ඔහුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කර ඇති බවයි.