ඝාතනය කොට මරදැමීයැයි සැකකෙරෙන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ගොඩගත් මෘත ශරීරයේ ඇටකටු අතර, ඔහුගේ කලවා අස්ථි කොටස් නැතැයි ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකළ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දී ඇත.
මෙම කලවා අස්ථි කොටස් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ හෝ නොමැති බවද එම වෛද්‍ය මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දී ඇත.
හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා විසින් මෙම සිද්ධියට අදාළව ඉදිරිපත් කළ වාර්තාවක, තාජුඩීන්ගේ අස්ථි කොටස් සාම්පල අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අධි ශීතකරණයේ හෝ මෘත ශරීර තබන ශීතකරණයේ තැබීමට උපදෙස් දුන් බව සඳහන් කර ඇතත්, එම අස්ථි කොටස් යොමු කළ බවට නිසි සාක්ෂි නොමැති බව අධිකරණයට දැනුම් දුන්නේය.