හිටපු රගර් ක්‍රීඩකයෙකු වන වසීම් තාජුඩීන් මහතා භූමිදානය කළ දෙහිවල පිහිටි සුසාන භූමියට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.
2012 වසරේදී නාරහේන්පිට උද්‍යාන පාරේදී ගිනිගත් මෝටර් රථයක් තුළ තිබී තාජුඩීන් මහතාගේ මළ සිරුර සොයා ගනු ලැබූ අතර, මුලදී මරණයට හේතුව ලෙස කාර් රථයේ සිදුවූ අනතුරක් බව සඳහන් විය.
එහෙත් මේ වනවිට අදාළ මරණය හදිසි අනතුරකින් සිදුවුවක් නොවන බවට පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන අතර, මේ අනුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මළ සිරුර භූමිදානය කළ සුසාන භූමියට පොලිස් ආරක්ෂාව ලබාදී තිබේ.