ත්‍රිවිධ හමුදා සාමාජික පිරිස අඩුකරන බවට සහ ඔවුන්ගේ සේවා කාලයන් දීර්ඝ කරන බවට විපක්ෂය ගෙන යන බොරු ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.
එසේම රට වෙනුවෙන් ඉමහත් සේවාවක් සිදුකල සියළු රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල්වල යැපෙන්නන්ට ඉදිරි එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ප්රතිලාභ රැසක් ලබාදෙන බවද ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.
මැතිවරණ සමයේ සුපුරුදු පරිදි ගෙන යන විපක්ෂයේ බොරු ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ඉල්ලා සිටින හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා, රණවිරුවන්ගේ සුභ සාධනය වෙනුවෙන් සුවිශේෂී වැඩපිළිවෙලක් ඉදිරියේදී අරඹන බව සඳහන් කළේය.