ත්‍රිවිධ හමුදාවන්හි විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. 2006 වර්ෂයට පෙර විශ්‍රාම ලැබූවන්ගේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කරමින් රාජ්‍ය සේවය සඳහා 2006.01.01 දින සිට ක්‍රියාත්මක වැටුප් ව්‍යුහය මත විශ්‍රාම වැටුප් ගැළපීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සුදානම් වේ. 16/2015 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව එය සිදුකිරීමට නියමිතය.