ත්රිවිධ හමුදා සාමාජිකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීම සඳහා වූ යෝජනාවක් සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
යහපාලන ආණ්ඩුව මගින් රාජ්ය සේවකයන්ගේ වැටුප් රුපියල් දස දහසකින් වැඩිකළද එම වැටුප් වැඩිවීම ත්රිවිධ හමුදා සාමාජිකයන්ට නොලැබුණි.
මේ හේතුවෙන් ත්රිවිධ හමුදා සාමාජිකයන්ගේද වැටුප රුපියල් දසදහසකින් වැඩිකිරීමේ යෝජනාවක් ඊයේ (26දා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ත්රිවිධ හමුදා සාමාජිකයන්ගේ වැටුප රුපියල් දසදහසකින් වැඩිවනු ඇත