විශ්රාම වැටුප් ගණනය කිරීමේදී ත්රිවිධ හමුදා නිලධාරීන් පිරිසකට වැටුපෙන් 85෴ ක් නොලැබීම හේතුවෙන් නිලධාරීන් 7000කට වැඩිපිරිසක් අසාධාරණයකට ලක්ව ඇතැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අද (01දා) පාර්ලිමේන්තුවේදී කීය. ස්ථාවර නියෝග 23/2 යටතේ ප්රශ්න කරමින් හෙතෙම මේ බව පැවසීය.
2009.05.19 දිනට පෙර විශ්රාම ගැන්වූ හමුදා නිලධාරීන්ට වසර 05ක ක්රියාන්විත සේවා කාලයක් තිබිය යුතු බවට නියමකර තිබීම මීට හේතුව බවද ඔහු ප්රකාශ කළේය.