ඉන්දියන් තෙල් සමාගම සතුව ඇති ත්‍රිකුණාමලයේ ඇති තෙල් ගබඩා සංකීර්ණය යළි රජයට පවරාගැනීමට කටයුතු කරන ලෙස රජයට නියම කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථා පොදු සේවක සංගමය (09දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ ඇති තෙල් ගබඩා සංකීර්ණය ඉන්දියන් තෙල් සමාගමට පවරා දෙමින් අත්සන් කොට ඇති ගිවිසුම අවලංගු කරන ලෙස කැබිනට් මණ්ඩලය ඇතුළු නිලධාරීන්ට ඒ සඳහා කටයුතු කිරීමට නියම කරන්නැයිද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
ත්‍රිකුණාමල තෙල් ගබඩා සංකීර්ණය යළි රජයට පවරාගැනීමට කටයුතු කරන ලෙස රජයට නියම කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථා පොදු සේවක සංගමයේ සභාපති සපුමල් රන්වල හා ලේකම් එස්. ද එස්. රාජකරුණා යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනුකොට ඇත.
නීතිඥ සුනිල් වටගල මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථා පොදු සේවක සංගමය විසින් මෙම පෙත්සම ගොනුකොට ඇත.