කිසිම ආකාරයකින් උතුරේ ත්‍රස්තවාදී සැමරුම් සඳහා ඉඩ ලබානොදුන් බවත්, ඒ වෙනුවෙන් ඉදිරියේදීද කිසිම අවස්ථාවක් ලබානොදෙන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක රුවන් වනිගසේකර මහතා පැවසීය.
දේශපාලන වේදිකා තුළ විවිධ පිරිස් විවිධ අරමුණු උදෙසා ත්‍රස්තවාදී සැමරුම් පැවැත්වූ බව ප්‍රකාශ කළද හමුදාව ඒ සඳහා ඉඩ ලබා නුදුන් බව හෙතෙම පැවසීය.
රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අද (22දා) පැවැති මාධ්‍ය හමුවකදී වනිගසේකර මහතා මේ බව ප්‍රකාශ කළේය.