ශ්‍රී ලංකාව විසින් ත්‍රස්තවාදී සංවිධාන හා පුද්ගලයන් තහනම් කිරීමට ගත් ක්‍රියාමාර්ගයට එංගලන්තය ගරුකරන නමුත්, එය ශ්‍රී ලංකාවේ සමගි සන්ධානවීමේ ක්‍රියාවලියට උපකාර නොවනු ඇතැයි එංගලන්තයේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය හියුගෝ ස්වේරී පැවසීය.
එංගලන්ත පාර්ලිමේන්තුවේදී එරට කම්කරු පක්ෂ මන්ත්‍රී විරේන්ද්‍ර ශර්මා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ස්වේරී මෙම අදහස් ප්‍රකාශ කළේය.
“මම මේ තහනම ගැන පළවන වාර්තා සම්බන්ධයෙන් සැලකිල්ලෙන් ඉන්නෙ. ත්‍රස්තවාදී කටයුතු සඳහා සම්බන්ධ පුද්ගලයන් හා සංවිධාන තහනම් කිරීමට ශ්‍රී ලංකාවට තිබෙන අයිතිය සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකාවට ගරු කරනවා.කෙසේ නමුත් මෙය ශ්‍රී ලංකාවේ සමගි සන්ධාන වීමේ ක්‍රියාවලියට සාර්ථක අයුරින් බලනොපාන බව අපගේ අදහසයි” යනුවෙන්ද හියුගෝ සඳහන් කරයි.