තහනම් පන්න ගැටලුනම් තහනම් කරනවා
ධිවරයින් අතර මතභේදයට තුඩු දී ඇති පන්න ක්‍රම මගින් මත්ස්‍ය සම්පත හානි වන බව විශේෂඥ කමිටු පරීක්ෂාවේ දී තහවුරු වුවහොත් එම පන්න ක්‍රම ගැසට් නිවේදනයක් මගින් තහනම් කිරීමට පියවර ගන්නා බව ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසයි.
මීගමුව සමූපකාර සංගම් ශාලාවේ දී ඊයේ (17දා) ධීවර සංගම් නියෝජිතයින් පිරිසක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
“ලයිලා සහ සුරුක්කු දැල් නීතියෙන් තහනම් කර නැහැ. නමුත් දැනට ඒ සඳහා වාර්ෂික බලපත්‍ර නිකුත් කෙරෙන්නේ සීමිත ප්‍රදේශ කිහිපයක, සීමිත පිරිසකට ගැඹුරු මුහුදේ පමණක් මසුන් මැරීමටයි. නමුත් දැන් තිබෙන තත්ත්වය අනුව ඉතා කුඩා මසුන් පවා මේකට හසුවෙනවා. ඒක බැරෑරුම් කාරණාවක්. මේ තුලින් මත්ස්‍ය සම්පත විනාශ වන බව මගේ හැඟීමයි. දැනට නීති තිබෙනවා. නමුත් ඒ නීති දැනට පවතින තත්ත්වයන් සඳහා ප්‍රමාණවත් නැහැ. මේකට තමයි අපි කමිටුවක් පත් කරලා ඒ ගැන පරීක්ෂණයක් කරන්න කියලා නාරා ආයතනයට භාර දුන්නේ. ධිවර කර්මාන්තය පමණක් දියුණු වෙලා වැඩක් නැහැ. ධිවරයාත් දියුණු විය යුතුයි. උද්ඝෝෂණ කරලා තේරුමක් නෑ. දෙපැත්තට බෙදිලා ගහගන්න එක විතරයි වෙන්නේ.” යැයි අමාත්‍යවරයා පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

