ඉන්දියවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද මෙරට තහනම් කෘෂි රාසයනික තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු කල්පිටිය පනියඩිය ප්‍රදේශයේදී ඊයේ (13දා) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය සඳහන් කර සිටියේය.
මෙම කෘෂි රසායනික තොගය බෝට්ටු 2ක් මගින් මෙරටට රැගෙන විත් ඇති බවත්, ඒ තුළ 'Ammonium Salt of Glyphosate 71% SG' නැමැති රසායනික ද්‍රව්‍ය අඩංගු ග්‍රෑම් 100, 500, කිලෝ 01ක් ප්‍රමාණයේ ඇසුරුම් 4550ක් අඩංගු විශාල ප්‍රමාණයේ පාර්සල් 23ක් සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය පැවසීය.
මේ අනුව අත්අඩංගුවට පත් සැකකරුවන් 21,26,30වියේ පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මොවුන් අද (14දා) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිදුවීම සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.