ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන් බහුතරයකගේ විරෝධය පවා නොතකා තව්හීද් ජමාත් සංවිධානයේ ප්‍රධානියකු ලෙස කටයුතු කරන ජයිනුල් ආබ්දීන් නැමැත්තා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අනුමැතිය හා රාජ්‍ය අනුග්‍රහය සහිතව ශ්‍රී ලංකාවට ගෙන්වීම පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ බලවත් විරෝධය පළකර සිටින බව එහි ප්රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා කියයි.
අද (08 දා) කොළඹ සුගතදාස ග්රහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන සමුළුවක ආරාධිත දේශනය පැවැත්වීම සඳහා මෙම තැනැත්තා ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ජයිනුල් ආබ්දීන්ගේ දේශන ආගමික සහජීවනයට බාධා ඇතිකරවන හෙයින් ඔහුගේ පැමිණීමට මෙරට ඉස්ලාමීය ප්‍රජාවගේ විරෝධය ද එල්ල වී තිබෙන බවත් නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.