ඉන්දියානු මුහුද ආශ්රිත රටවල නිදහස් වෙළෙඳ කලාපයක් බිහිකිරීමට අදාළව සේද මාවත මුහුදු මාර්ග සංවර්ධන සැලැස්ම චීනය විසින් අනාවරණය කර තිබේ.
මේ අනුව බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, පාකිස්තානය වැනි රටවල වරායන් ඉදිකිරීමට චීනයේ වැඩි අවධානයක් යොමුව ඇති බව චීන මාධ්‍ය උපුටා දක්වමන් ‘ද හින්දු’ පුවත් සේවය සඳහන් කළේය.
කෙසේ නමුත් බංග්ලාදේශය, චීනය හා ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිම්න් චීනය මේ වනවිටත් වාරාය ව්‍යාපෘති 03ක් ක්‍රියාවට නංවා තිබේ.
දකුණු ආසියානු කලාපයේ රටවල් සමග ආර්ථික හා සමුද්‍රීය සම්බන්ධතා වර්ධනය කරගැනීමට චීනය මේ හරහා අවධානය යොමුකර තිබෙන බවද හින්දු පුවත් සේවය පෙන්වා දුන්නේය.