කොළඹ සිට යාපනය, මඩකලපුව, ති‍්‍රකුණාමලය, කල්මුණ හා අක්කරපත්තුව යන ප්‍රදේශවලට නීත්‍යානුකුළ බලපත්‍රයක් නොමැතිව බස් රථ ධාවනය වන බවට තොරතුරු ලැබී තිබෙන බව පොලීසිය කියයි.
මෙම බස් රථ ප්‍රමිතියකින් තොර බවත් එම රථයන් කොළඹ නගරයෙන් පිටවන ස්ථාන වල සිට නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අඛණ්ඩ මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරිමට කොළඹ නාගරික රථවාහන පොලිසිය තීරණය කර තිබෙන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම මෙහෙයුම්වලට අනුව ඊයේ (30දා) රාති‍්‍රයේදී බලපත්‍ර නොමැතිව ධාවනය කළ දුර ගමන් සේවා බස් රථ 06 ක් අත්අඩංගුවට ගත්බවද පොලීසිය පවසයි.