අද (04දා) රාත්‍රියේ සහ හෙට, අනිද්දා යන දිනවලදී ප්‍රධාන පක්ෂ දෙකේම තවත් මන්ත්‍රීන් පිරිසක් පිල් මාරුවට සූදානමින් සිටින බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා කීවේය.
එසේම ඉතිහාසයේ පැවති මැතිවරණවල සිදුනොවූ ආකාරයකට මෙවර ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කැබිනට් ඇමතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පළාත් සභා පළාත් පාලන මන්ත්‍රීවරුන් පිල් මාරු කරන බවද හෙතෙම පැවසීය.
මෙම පිල් මාරුවේ අවසානය කොතැනදැයි තමන් නොදන්නා බවත්, මන්ත්‍රීවරුන් පිල් මාරු කළ පමණින් ඡන්ද දායකයන්ගේ ස්ථාවරය වෙනස් නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.