මොණරාගල සතිපොළ ආශ්රිත ප්රදේශයකදී අද(05දා) පස්වරුවේ පුද්ගලයෙකුට තියුණු අයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි මොණරාගල පොලීසිය පවසයි.
මරණකරු වයස අවුරුදු 42ක් වූ මධුරුකැටිය ප්රදේශයේ පදිංචි ලාල් සමරසේකර නමැති පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මොණරාගල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.