ශ්රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ තවත් ඉන්දීය ධීවරයින් 19 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ධීවර යාත්රා පහකින් පැමිණ සිටි මෙම ඉන්දීය ධීවර පිරිස කන්කසන්තුරය ධීවර වරායට ගෙනැවිත් ප්රදේශය භාර ධීවර පරීක්ෂකවරයා වෙත භාර දුන් බව නාවික හමුදාව සඳහන් කළේය.