අකුරැස්සේදී සිදුවූ සිදුවීම පිළිබඳව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කිරීමක් කළේය.
නිදහස් පක්ෂ සාමාජිකයෙක් තමන්ගේ අතේ එල්ලුන බවත් ඔහුව තල්ලු කළ බවත් හිටපු ජනපතිවරයා පැවැසීය.
“මගේ අතේ එල්ලුනා ආදරේට, බීලද කොහෙද? මම දන්නේ නෑ. හොද ශ්රී ලංකා කාරයෙක්, ඇවිල්ල ඇගිල්ල අල්ලපු විදිහට තව පොඩ්ඩෙන් මගේ ඇගිල්ල කැඩෙනවා, මම ඉතින් මෙහෙම කරලා තල්ලු කළා, තල්ලු කරන්නේ නැතුව දෙයියනේ. මේකේ එල්ලිලා මගේ ඇගිල්ල කඩාගන්නයෑ. මට තව පොඩ්ඩෙන් වෙන තැනකිනුත් කඳුලු යන්න ඉඩතිබ්බා.මම ගැහුවා කියලා දාගෙන යනවා. ඕක තමයි ඇත්ත කතාව”
වීඩියෝ බී.බී.සී. සිංහල සංදේශය ඇසුරෙනි