තලතාගෙන් මහින්දානන්දට පිළිතුරු
(VIDEO) හොර කල්ලි සාමාජිකයන් අනෙක් පුද්ගලයන් තමන් මෙන් හොර වැඩ කරනවා යැයි සිතමින් අනෙක් පුද්ගලයන්ට චෝදනා කරන බවත්, එලෙස නිතරම අනෙක් අයට චෝදනා එල්ල කරන පුද්ගලයා පල් හොරෙකු නම් කිසිවෙකු එම චෝදනා පිළිනොගන්නා බවත් විදේශ රැකියා ඇමතිනී නීතිඥ තලතා අතුකෝරාළ මහත්මිය පැවසුවාය.
එම අමාත්‍යාංශයේ අද (13දා)පැවැති සේවක සුභසාධන අරමුදල මගින් විදේශගතව සිටියදී විවිධ අනතුරුවලට ලක් වූ, ආබාධ වූ හා ජීවිත හානි වූ ශ්‍රමිකයන්ගේ පවුල්වලට වන්දි ප්රදානය කිරීමේ අවස්ථාවෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරිය එලෙස පැවසුවාය.
ඒ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (12දා) අමාත්‍යවරියට අල්ලස් චෝදනා ඇති බවට කළ ප්‍රකාශය පිළිබඳව මාධ්‍ය‘වේදීන් විමසූ අවස්ථාවේදීය.
“හොරු කල්ලියක් වුණාම අනිත් අයත් තමන් කරපු විදිහේ හොර වැඩ කරනවා කියලා හිත හිතා අනිත් අයට ඇඟිල්ල දික්කරනවා. මම ඕනෑම දේකට විවෘතයි. ඕනෑම අභියෝගයක් බාරගන්නවා.
අපට විරුද්ධව කොහේ හරි පැමිණිල්ලක් දාලා තියෙනවා නම් ඒක විභාග කළ යුතුයි කියන මතයේ මම බොහොම තදින් ඉන්නවා. ඔය චෝදනා කරන අය පල් හොරෙක් නම් ඒ ගැන කවුරුත් ගණන් ගන්නේ නැතිව ඇති.
පල් හොරුන්ගේ දික්කසාද සමථයකට පත්කරගන්න මිලියන 400 ක් ගෙවපු හැටි ජනතාව දන්නවා. ඒ නිසා ඔය කියන පුද්ගලයන් අනුන්ට ඇඟිල්ල දික්කරලා කතා කරද්දි තමන්ගේ පැත්තටත් ඇඟිලි දික්වෙලා තිබෙන බව දැනගෙන කටයුතු කරන්න ඕනෑ" යැයි අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
ඡායාරූප/වීඩියෝ ක්‍රිෂාන් රණසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.














