නව ව්‍යවස්ථාව හේතුවෙන් රට බෙදෙන්නේ නම් තමන් දේශපාලනයෙන් ඉවත්වීමට සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂය ස්වාමීන් වහන්සේලාට දේශපාලනය කිරීමට ඉඩ දෙන පක්ෂයක් නොවන බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. රත්නපුර පැවැතී වැඩසටහනකදී ඇය මේ බව සඳහන් කළාය.
“මම බෞද්ධයෙක් විදිහට අනිත් ආගම්වලට හිරිහැර කරන්න යන්නේ නෑ. පන්සිල් රැකගෙන මගේ ආගම අදහනවා. මේ ව්‍යවස්ථාව නිසා රට බෙදෙනවා නම් මම ගෙදර යන්න ලෑස්තියි. ඒ ගැන සැකයක් තියාගන්න එපා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ස්වාමීන් වහන්සේලාට දේශපාලනය කරන්න දෙන තැනක් නෙවෙයි. අපි ස්වාමීන් වහන්සේලාට නාම යෝජනා දෙන්නේ නෑ.
අපිට කරන්න පුළුවන් උත්තරීතර ගෞරවය දීලා අපි උන් වහන්සේලා ආරක්ෂා කරනවා. අගමැතිතුමා සංස්කෘතික ති‍්‍රකෝණයේ සියළුම පන්සල්වලට ආධාර කරගෙන යනවා. අපි හාමුදුරුවරුන්ට ප්‍රාඩෝ පූජා කරන්න නම් යන්නේ නෑ. අපි රජයක් හැටියට බෞද්ධ ආගම ආරක්ෂා කරන්න බැඳිලා ඉන්නවා.” යනුවෙන්ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළාය.