යෞවනයන්ට ඡන්ද ප්‍රකාශ කළ හැකි වන සේ පරිපූරක ඡන්දහිමි නාමලේඛනය පිළියෙල කිරීම සඳහා නීති සැකසීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.
1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ විධිවිධාන පරිදි, සෑම වර්ෂයකම ජුනි මස 01 වැනිදාට වයස අවුරුදු 18 සම්පූර්ණ කරනු ලැබ ඇති පුරවැසියෝ ඡන්දහිමියන් වශයෙන් ලියාපදිංචි කෙරෙති.
ඒ සඳහා ඡන්දහිමි නාමලේඛනය වාර්ෂිකව ප්‍රතිශෝධනය කෙරෙන අතර, එම ක්‍රියාවලිය සඳහා මාස 06ක පමණ කාලයක් ගත වේ.
යම් වර්ෂයක ජුනි මස 01 වැනිදා ඡන්දහිමි නාමලේඛන ප්‍රති‘ශෝධනය ආරම්භ කර එය සකසා සහතික කිරීමට පෙර කාලසීමාව තුළ කිසියම් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවූවහොත් එවැනි අවස්ථාවලදී ඊට පෙර වර්ෂය සඳහා සකස් කරන ලද ඡන්දහිමි නාමලේඛනය අදාළ කරගන්නා බැවින් ඡන්දහිමි නාමලේඛනයෙහි ලියාපදිංචි වීම සඳහා සුදුසුකම් ලැබූ වයස අවුරුදු 18 සම්පූර්ණ කරන ලද නවක ඡන්ද හිමියන්ට එවැනි ඡන්ද විමසීමකදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව මගහැරේ.
එබැවින් යම්කිසි ඡන්දහිමි නාමලේඛනයක් සහතික කිරීමෙන් පසු ඊළඟ වර්ෂයේ ඡන්දහිමි නාමලේඛන ප්‍රති‘ශෝධන කටයුතු ආරම්භ කරනු ලබන තෙක් අතර කාලසීමාව තුළදී වයස අවුරුදු 18 සම්පූර්ණ කරනු ලබන පුද්ගලයන්ගේ නම් ඒ වනවිටත් සහතික කරනු ලැබ ඇති ඡන්දහිමි නාමලේඛනයට අප්‍රමාදව ඇතුළත් කිරීම මගින් ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීම සඳහා පරිපූරක ඡන්දහිමි නාමලේඛනයක් සකස් කිරීම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාව විසින් යෝජනා කරනු ලැබ තිබේ.
ඒ සඳහා විධිවිධාන සැලසීමට 1980 අංක 44 දරන ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.