කුඩා පරිමාණ ව්‍යාපාරයන්හි නිරත තරුණ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර සංවර්ධනය කරගැනීමට හා ස්ථාවර කරගැනීමට මූල්‍යමය සහායක් ලබාදීමේ අරමුණින් ලංකා බැංකුව මගින් “තුරුණු දිරිය” නව ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුබද්ධිත ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට දායකත්වය සපයයි.
ඒ අනුව කුඩා පරිමාණ ව්‍යාපාරයන්හි නිරත තරුණ ව්‍යවසායකයන් ලෙස, වයස අවුරුදු 35 ට අඩු, ව්‍යාපාර ක්ෂේත්රයේ වසර 03 ක පළපුරුද්දක් සහිත රාජ්‍ය ආයතනයක, ප්‍රාදේශීය හෝ පළාත් පාලන ආයතනයක ලියාපදිංචි ව්‍යාපාරයක් සතු, වෘත්තීයමය මට්ටමේ සුදුසුකම් සහිත ( NVQ, ඩිප්ලෝමා, උපාධි) ව්‍යාපාරික ගනුදෙනු පවත්වාගෙන යන තරුණ ව්‍යවසායකන්ට මෙම ණය යෝජනා ක්‍රමය යටතේ මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව උදාවේ.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ මූල්‍ය පහසුකම් ලබාගැනීමට ව්‍යාපාර සැලැස්මක් ඉදිරිපත් කළ යුතු අතර, ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහාය වනු ඇත. මේ පිළිබඳ තොරතුරු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැකිය.