මෙරට තරුණ පරපුර අතර මත්ද්‍රව්‍ය භාවිතය ශීඝ්‍රයෙන් අඩුවී ඇති බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් කේ. ගමගේ මහතා ප්‍රකාශ කළේය.
අලුත් පරපුර මත්ද්‍රව්‍ය සඳහා යොමුවීමේ ප්‍රවණතාව අඩු බවත්, වැඩිහිටි පිරිස අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බවත් ගමගේ මහතා පැවසුවේ අද(29දා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.
කෙසේ වුවද සමස්තයක් ලෙස මෙරට ජනගහනයට සාපේක්ෂව මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිසේ අඩුවක් වාර්තාවී ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.
එමෙන්මපසුගිය වසරේදී(2015) ශ්‍රීලංකාව තුළ මත්ද්‍රව්‍ය වැරදි සඳහා අත්අංගුවට ගනු ලැබූ මුළු පුද්ගල සංඛ්‍යාව 82,482 ක් වන අතර, එය 2014 වර්ෂය හා සසඳන කල 23% ක වැඩිවිමකි.
ඒ අතරින් ගංජා ආශ්රිත වැරදි සඳහා 63% ක් ,(52,076 ක ප්‍රමාණයක්),හෙරොයින් ආශ්රිත වැරදි සඳහා 32% ක් වශයෙන් අත්අඩංගුවට පත්වී ඇත.