තමන්ගේ 70 වියක කාලය තුල ඡන්ද විශාල ප්‍රමාණයකට මම මුහුන දී ඇති බවත් ඒ හා සසඳන විට මේ ඡන්දය තරුණ කළ ගම්සභා ඡන්ද ක්‍රමය මෙන් සාමකාමී එකක් බවත් ආදිවාසී නායක විශ්ව කිර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් දඹාන කණිෂ්ඨ විද්‍යාලයේ ජන්දය ප්‍රකාශ කිරිමෙන් අනතුරුව අද (10) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය. ඡන්දය ප්‍රකාශ කිරිම සදහා වන්නිලා ඇත්තන්ගේ බිරිඳ හා දරුවන් සහ වරිගයේ පිරිවරද එක්ව සිටියේය.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී දඹාන ආදිවාසී ජනතාවද මහත් උනන්දුවෙන් උදැසන සිටම ඡන්දය ප්‍රකාශ කිරිම සදහා දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිනෙණ ආකාරය දැක ගත හැකි විය. මෙවර මැතිවරණයේ දෙහිඅත්තකන්ඩිය ප්‍රාෙද්ශිය සභාව සදහා හේනානිගල ආදිවාසී ගම්මානයේ කාන්තාවක්ද තරග වැදීම සුවිශේෂි වේ.
ආදිවාසීනායකතුමන් එහිදී වැඩිදුරටත් මෙසේ ප්‍රකාශකර සිටියේය. “ මගේ වයස දැන් අවුරුදු 70ක් වෙනවා. ඒ කාලය තුල ඡන්ද විශාල ප්‍රමාණයකට මම මුහුන දීලා තියෙනවා. ඒ ඡන්ද දිහා බලපුවාම මේ ඡන්දය මම තරුණ කාලේ තිබුන ගම්සභා ඡන්ද ක්‍රමය වගේ සාමකාමී එකක්. සුලු සුලු මැතිවරණ ප්රචන්ඩ ක්‍රියා කිහිපයක් පමණක් වාර්ථා වෙලා තිබුනත් සමස්ථයක් විදියට සාමකාමී ආදර්ශමත් මැතිවරණයක් කියලා මම කියනවා. වෙන කාල වලදී ඡන්දෙ පටනන් ගත්ත දවසේ ඉදලාම අපිට අහන්න ලැබෙන්නේ මිනිස්සුන්ට පහරදීම්, වෙඩිතියගැනීම්, මිනිමරාගැනීම් තමයි ආරන්චි වෙන්නේ. මේ පාර ඒවගේ දේවල් ආරන්චි උනේ ඉතාමත්ම අඩුවෙන්. ඒ හින්දාම මට තේරෙනවා වෙනත් මැතිවරණ කාලයකට වඩා මෙවර මැතිවරණය හාත්පසින්ම වෙනස් වු එකක් කියලා. මේ ක්‍රමය තමයි රටේ ඇති වෙන්න ඕන. මිනිස්සු ඡන්දෙට ගැටිබැට දීගෙන ඇණකොටාගෙන රන්ඩුසරුවල් කරගෙන විරසක වෙනවා. ඊට පස්සේ එකක ගමේ ජීවත් වෙන්නේ කොහොමද? මේ දින කිහිපය වෙනුවෙන් රංඩුරසුවල් වෙලා තරහ මරහ ඇති කරගන්නේ මොකටද කියලා ගම්වල මිනිස්සු තේරුම් ගන්ඩ ඕන. මිනිස්සුන්ගේ ඡන්දය දීමේ අයිතියට වටිනාකමක් ගෙනාපු ඡන්දයක් මෙවර පළාත්පාලන මැතිවරණයට එක්කරලා තියෙනවා කියලා මම කියනවා“ යැයි ප්‍රකාශ කර සිටියේය.
මහියංගණ - රංජිත් කරුණාවිර