එළඹෙන 18 වැනිදාට යෙදෙන හිටපු කොටි නායක ප්රභාකරන්ගේ ඝාතනය අළලා කිසිදු ආකාරයක සැමරුම් උත්සවයක් නොපවත්වන ලෙසට තමිල්නාඩුවේ වෙරළාරක්ෂක නිලධාරීන් විසින් කීසුපුතුපත්තු සරණාගත කඳවුරේ ශ්රී ලංකා දමිළ සරණාගතයන් වෙත පවසා තිබේ.
ඊයේ (14දා) එම කඳවුරට පැමිණි ආරක්ෂක නිලධාරීන් පවසා ඇත්තේ, මැයි 18 හා මැයි 19 යන දිනයන්හිදී කිසිඳු ආකාරයක සැමරුමක් නොපවත්වන ලෙසයි. ඉන් අනතුරුව දමිළ සරණාගතයන් විසින් තමන් එබඳු කිසිම ආකාරයක සැමරුමක් නොපවත්වන බවට ආරක්ෂක අංශ වෙත දැනුම්දී තිබේ. මෙම සරණාගත කඳවුරේ දමිල සරණාගත පවුල් 450 කට ආසන්න ප්රමාණයක් ජීවත් වෙති.
‘ද හින්දු’ ඇසුරෙනි