තමිල්නාඩු ධීවරයින් හා ශ්රී ලංකා නාවික හමුදාව අතර පවතින ගැටලුව විසඳීම සඳහා කොංග්රස් පක්ෂයේ නායකත්වය යුත් රජයකදී ප්රධානත්වය ලබාදෙන බව කොංග්රස් පක්ෂ උපසභාපති රාහුල් ගාන්ධි සඳහන් කරයි.
ඉන්දීය මහ මැතිවරණය වෙනුවෙන් රාමනාතපුරම්හි පැවැති ප්රචාරක රැළියක් අමතමින් රාහුල් ගාන්ධි මෙම අදහස් ප්රකාශ කර ඇත.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් රාහුල් ගාන්ධි පවසා ඇත්තේ තමිල්නාඩු ප්රන්තය තුළ කොංග්රස් පක්ෂය තනිවම තරග කීරීමට ගත් තීරණය පිළිබඳව සතුටු වන බවත්, තමිල්නාඩුවේ බලය ලබාගැනීමට කටයුතු කරන බවත්ය.
'ද හින්දු' ඇසුරෙනි