යුද්ධය පැවැති කාලසීමාවේදී ඉන්දියාවේ තමිල්නාඩුව වෙත සරණාගතයින් වශයෙන් සංක්‍රමණය වූ ශ්‍රී ලංකා ජාතිකයින් 92කු නැවත ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. අද (13දා) දහවල් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා දෙකකින් ඔවුහු මෙසේ දිවයිනට පැමිණියහ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණය හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ඔවුහු මෙසේ නැවතත් දිවයිනට පැමිණියහ.
එසේ පැමිණ පිරිස අම්පාර, මඩකලපුව හා කිලිනෝච්චියේ පදිංචිකරුවෝ වෙති. පැමිණි පිරසගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගනිමින් ඔවුන් ගම්බිම් බලා පිටත් කරයි.