සංචාරක වීසා මත ශ්රී ලංකාවට පැමිණ යාපනයේ රෙදි වෙළෙඳාමේ යෙදුන ඉන්දීය ජාතිකයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාපනය විශේෂ බළකා කඳවුරේ නිලධාරීන් පිරිසක් ඊයේ (13දා) සමත්ව තිබේ.
යාපනය ඔරලෝසු කණුව පාර පිහිටි ලැඟුම්හලක නවාතැන්ගෙන සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානයට බාරදී ඇත.මෙම සැකකරුවන් තමිල්නාඩු ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර, අද (14 දා) දින යාපනය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.