දඹුල්ල තම්මන්නා ඇළ පිටාර ගැලීම නිසා දඹුල්ල ප්ර‘දේශයට හතරවැනි වතාවටත් අද (26දා) ගංවතුර තත්ත්වයක් ඇතිවිය.
දඹුල්ල පහළවැව ප්ර‘දේශයේ ජල ගැල්ම හේතුවෙන් නිවෙස්වල සිරවී සිටි පුද්ගලයන් බේරාගැනීමේ මෙහෙයුමක් අලුයම සිට පොලිස් ජීවිතාරක්ෂක සංගමය හා දඹුල්ල ජල ක්රීඩා සමාජයේ සාමාජිකයන් විසින් ආරම්භ කර ඇත.
මේ අතර දඹුල්ල ගම්උදාව ප්රදේශය නාවුල, ඇළහැර මාර්ගය සහ පල්ලෙපොල නගරය යන ප්රදේශද ජලයෙන් යටවී තිබිණි.
පල්ලෙපොල,රැසිගම, නැව්ගල කන්ද නායයාම සිදුවෙමින් පවතින බැවින් ප්ර‘දේශය අවට ජනතාව ඉවත් කිරීම සිදුකරන බවද සඳහන් වෙයි.