තම රට සියලු ආගම් ආරක්ෂා කරන බවත්, භක්ති උන්මාදයේ ප්‍රධාන ගොදුර බවට මුස්ලිම්වරුන් පත්ව ඇති බවත් ප්‍රංශ ජනාධිපති ප්රංශුවා හොලන්දේ පවසන බව බී.බී.සී.ය කියයි.
ඉස්ලාම් දහම ප්රජාතන්ත්රවාදයට ගරුකරන දහමක් බවත්, පැරීසියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ අරාබි ජාතීන් දැක්වූ ශෝකයට ස්තූතිවන්ත වන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
පසුගිය සතියේදී පැරීසියේ චාර්ලි හෙබ්දෝ සඟරාවේ කාර්යාලයට, යුදෙව් සුපිරි වෙළෙඳ සැලකට හා පොලිස් කාන්තාවකට එල්ල වූ ජිහාඩ් ප්‍රහාරවලින් පුද්ගලයන් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
අද දිනයේදී පැරීසියේදී මෙන්ම, එරට තවත් නගර කිහිපයක ප්‍රහාරයෙන් මියගිය ඇතැම් අයගේ අවමංගල්‍යය උත්සව පැවති බවද ප්‍රංශයෙන් වාර්තා වෙයි.