තම දියණිය බලෙන් කොටි සංවිධානයට බඳවාගත් පියාට වූ දේ
යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයට බලහත්කාරයෙන් දරුවන් පැහැරගෙන ගොස් බඳවා ගැනීමේ චෝදනාවට වරදිකරුවූ හිටපු කොටි සාමාජිකයෙකුට වව්නියාව මහාධිකරණ විනිසුරු බාලෙන්ද්‍රන් ශෂි මහේද්‍රන් මහතා ඊයේ (25දා) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.
කේ. දාසන් නැමත්තෙකුට මෙසේ සිර දඬුවම් නියම කෙරුණි.
සැකකරු විසින් ඔහුගේ දියණියද බලහත්කාරයෙන් රැගෙන ගොස් එල්.ටී.ටී.ඊ සංවිධානයට බඳවා ගෙන ඇති බවට මෙහිදී හෙළිවිය.
මේ පිළිබඳව 2008 වසරේදී අවස්ථා කිහිපයකදී පොලීසියට පැමිණිලි ලැබුණත් සැකකරු එවකට කොටි සංවිධානයේ සාමාජිකයෙකුව සිටි හෙයින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.
මේ අතර 2009 වසරේ අවසන් යුද කාලයේදී සැකකරුගේම දියණියද කොටි සංවිධානයට බලහත් කාරයෙන් රැගෙන ගොස් බඳවා ඇති බවට සැකකරුගේ ඥාතීන් විසින් කිලිනොච්චිය පොලීසියට පැමිණිලි කොට තිබුණි.
යුද්ධය නිමා වීමෙන් පසුව සැකකරු ආරක්ෂක අංශ වෙතට භාර වී පුනරුත්ථාපනය වී නැවත කිලිනොච්චියේ පිහිටි නිවසට ගිය පසු පවුලේ අය විසින් ලබා දුන් පැමිණිල්ලට අනුව කිලිනොච්චිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

