තබ්බෝව ජලාශයේ වාන් දොරටු සියල්ලම මේ වනවිට වසා දමා ඇති බව පුත්තලම වාර්මාර්ග කාර්යාලය පැවසීය.
තබ්බෝව ජලාශයේ වාන් දොරටු විස්සක් ඇත. පැවැති අධික වර්ෂව හේතුවෙන් 25 දින උදෑසන වන විට එම වාන් දොරටු විස්සම විවෘත කර තිබුණි.
පසුව කාලගුණ තත්වයන් අනුව දහවල් කාලයේ සිට ක්‍රමක්‍රමයෙන් වාන් දොරටු වැසීම සිදු කළ අතර, එදින (25) මධ්‍යම රාත්‍රිය වන විට දොරටු සියල්ලම වසා දමා තිබේ.
තබ්බෝව ජලාශයේ උපරිම ජල ධාරිතාවය උසින් අඩි 18ක් හා ඝණ අඩි ප්‍රමාණය අක්කර අඩි 15,400කි. 26 දින උදෑසන වනවිට එය උසින් අඩි17යි අඟල් 3ක් ව තිබූ බවද වාරිමාර්ග කාර්යලය කීය.
කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි