'මහින්ද චින්තනය' සහ එක්සත් ජාතික පක්ෂයේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩපිළිවෙළ දෙමුහුම් කොට ගමනක් යාමට එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය සූදානම් නම් ජාතික ව්‍යාපාරය තනි ගමනක් යාමට සූදානම් බවත්, එසේ ස්වාධීනව ගමනක් යාමට සූදානම් වන්නැයි ජාතික ව්‍යාපාරවලින් ඉල්ලා සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ දෙවැනි ජාතික සමුළුව අමතමින් එහි නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (05දා) පැවසීය.
ජාතික බලවේග නිර්මාණය කළ මහින්ද චින්තනයට පිටින් යමින් රාජපක්ෂ ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව කටයුතු කිරීම නිසා තවදුරටත් එක්ව ගමනක් යා නොහැකි යැයි පැවසූ වීරවංශ මහතා ජාතික නිදහස් පෙරමුණ ප්රමුඛ ජාතික බලවේගවලට තනි ගමනක් තිබෙන බවත්, ආණ්ඩුව දෙමුහුම් ප්‍රතිපත්තියේ තවදුරටත් රැඳී සිටීනම් මින් එහාට සන්ධානය සමග ගමනක් නැති බවත් අවධාරණය කළේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා