රජයේ තක්සේරුකරුවන්ට ඇති වී තිබෙන ගැටලු සඳහා සතියක් තුළ විසඳුම් නොලැබුණහොත් සියලුම තක්සේරු කටයුතුවලින් ඉවත් වී මාරාන්තික උපවාසයක් සිදුකරන බව රජයේ තක්සේරුකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
ඇති වී තිබෙන ගැටලුව විසඳාගැනීම සඳහා පසුගිය 20 වැනිදා වනවිට සත්යග්රහ ව්‍යපාරයක් ආරම්භ කර තිබෙන බවත්, මීට අමතරව 24 වැනිදා සිට ප්‍රාදේශිය කාර්යාලවල කෑම පැයේදී විරෝධතා ආරම්භ කළ බවත් එම සංගමයේ ලේකම් ඩී.එම්. සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය නවතා දැමීම, කොටස් වශයෙන් උසස් වීම් ලබාදීම නවතා දැමීම සහ 2014.12.12 සකස් කළ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාව සිදුකරන බවද ඔහු පවසා සිටියේය.
එහෙත් මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති හෙයින් ඉදිරියේදී සියලුම තක්සේරු කටයුතුවලින් ඉවත් වී අධිකරණ ක්‍රියාමාර්ග ගෙන මාරාන්තික උපවාසයක් සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය.