ශ්‍රී ලංකාව අධික ලෙස ණය වී ඇති බවත් එම ණය ගෙවීම සඳහා වෙනම කාර්යාංශයක් ස්ථාපිත කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
එම කාර්යාංශය මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කළ යුතු බවට වන යෝජනාවක්ද අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළේය. මහ බැංකුව පවතින්නේ ණය එකතු කිරීමට බවත් ණය ගෙවීමට වෙනමම කාර්යාංශයක් අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.