ශ්රී ලංකා රජය විසින් ඇ.ඩො.මිලියන 75ක් වටිනා සංවර්ධන බැඳුම්කර හෙවත් භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වූ වෙන්දේසියක් 2016 ජනවාරි 11 වැනිදා පෙ.ව.11.00 සිට ජනවාරි 18 වැනිදා පෙ.ව.10.00 පවත්වන බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
වසර 01, වසර 02යි මාස 03 සහ වසර 4යි මාස 5 ආදී වශයෙන් කල්පිරෙන ලෙස නිකුත් කෙරෙන මෙම බැඳුම්කර සඳහා මුදල් ගෙවීම ජනවාරි 21 වැනි දින සිදුකළ යුතු බවද දන්වා සිටියි.
මේ සඳහා සුදුසුකම් ලත් ආයෝජකයන් ලෙස, විදේශීය පුරවැසියන් සහ ආයතන, අනේවාසික ශ්රී ලාංකිකයන්, ශ්රී ලාංකික ද්විත්ව පුරවැසියන්, බලයලත් විදේශ විනිමය වෙළෙඳුන්, රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්රාථමික වෙළෙඳ ආයතන, ශ්රී ලංකා ආයෝජන මණ්ඩල සමග ගිවිසගත් විශේෂිත සමාගම් සහ රක්ෂණ කර්මාන්ත පනතේ රෙගුලාසි යටතේ බලපත්රලාභී වශේෂිත රක්ෂණ සමාගම් දක්වා තිබේ.
මෙම බැඳුම්කර ශ්රී ලංකාව තුළ ආදායම් බද්දෙන් නිදහස් බවත්, ගෙවීම් නියෝජිත ලෙස ලංකා බැංකුව කටයුතු කරන බවත් ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් දන්වා සිටියි.