මේ වසරේ ගෙවීගිය කාලය තුළදී ඩෙංගු රෝගීන් 90865ක් වාර්තා වී ඇති බව වසංගත රෝග නිවාරණ ඒකකය සඳහන් කරයි. ජූලි 14 වන දින සිට මෙම රෝගීන්ගේ ප්රමාණය වාර්තා වී තිබෙන අතර, ජූලි මාසයේ පළමු දෙසතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 6868ක් වාර්තා වී තිබේ.
මේ වනවිට වැඩිම ඩෙංගු රෝගීන්ගේ ප්රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්රික්කයෙන් වන අතර, එම ප්රමාණය 20010කි.
පසුගිය වසර පුරාම වාර්තා වී තිබෙන්නේ ඩෙංගු රෝගීන් 55150ක් වන අතර, ගෙවීගිය වසරේ ජූලි මාසය වනවිට වාර්තා වී තිබෙන ඩෙංගු රෝගීන්ගේ ප්රමාණය 34529කි.